ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ Youth Link Sri Lanka වැඩසටහනෙන් යාපනයට ගිය තරුණ තරුණියෝ ඊයේ (12) කණ්ඩායම් නැවතත් තම ගම්බිම් බලා අද (12) පිටත්ව ගියහ.
මෙම වැඩසටහනේ සමාප්තියේ සනිටුහන් කරමින් යාපනයේ ඩෙල්ෆ්, කරෙයිනගර්, කයිට්ස්, යාපනය නගරය සහ වේලනයි හිදී සංස්කෘතිකාංග පසුගිය (11) රාත්රියේ දී පැවැත්විය.
මෙම වැඩසටහනේ තවත් අදියරක් ලෙස උතුරේ තරුණ තරුණියන් දකුණේ දිස්ත්රික්ක වලට පැමිණීමට නියමිතය. එහිදී ද උතුරේ තරුණ තරුණියන් දකුණේ ගෙවල් වල නවාතැන් ගනිමින් එහි සංස්කෘතික අත්දැකීම් ලබා ගැනීමට නියමිතය. එම වැඩසටහන දෙසැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහතා පැවසුවේ ලබන වසරේ දී මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.
දකුණෙන් ගොස් උතුරේ නිවාස වල දින කිහිපයක් ලැගුම් ගෙන නැවත ගම් රට බලා යන්නට සමුගන්නා මොහොත සංවේදී දර්ශනයක් විය

