නුගේගොඩදී නොවැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මල් පාර පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසූවේ, විපක්ෂයේ විවිධ පක්ෂ රැසක් දැනටමත් මෙම සාකච්ඡාවලට එක්ව ඇති බවය.
අතීතයේදී සාකච්ඡා පැවතියේ පොදුජන පෙරමුණ තුළ පමණක් වූ අතර මේ වනවිට අප
විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය. එම රැලිය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බල කිරීම අරමුණු කරගත් බවත්, “රජයේ ප්‍රතිපත්ති නිසා බලපෑමට ලක්වූ බොහෝ දෙනාත් මෙම රැලියට එක්වනු ඇතැයි නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ රැසක් රැලියට එක්වීමට එකඟ වී ඇති අතර, තවත් පක්ෂ වල සහභාගීත්වය ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡා නිමා වූ පසු තීරණය කරනු ඇති බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

