පිළියන්දල කොටගෙදර ගංගාරාම විහාර මාවතේ නිවසක් පිටුපස වගා බිමක තිබී SFG වර්ගයේ අත්බෝම්බයක් අද (10) දා සොයා ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
මෙම නිවස පිටුපස අද ( 10 ) උදෑසන කුඩා ළමුන් පිරිසක් ක්රිකට් සෙල්ලම් කරමින් සිට තිබේ.
එහිදී එක් දරුවකු එල්ල කළ පහරකින් ඊට යාබදව පිහිටි කෙසෙල් වගා කර තිබූ ඉඩමකට බෝලය ගොස් ඇති අතර එය ගැනීම සදහා දරුවකු එම ස්ථානයට ගිය අවස්ථාවේ කෙසෙල් පදුරක් අසල සැකකටයුතු බෝලයක් වැනි යමක් තිබෙනු දැක එය දරුවා ව්සින් මාපියන්ට ගෙනැවිත් දී තිබේ.
පසුව මේ පිලිබදව නිවැසියන් භියට පත් වී පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එය SFG වර්ගයේ අත් බෝම්බයක් බවට හදුනා ගත් අතර පසුව එය පොලිස් භාරයට ගෙන තිබේ. මෙහි පින් එකේ මළ බැදී තිබීම නිසා එය මෙම ස්ථානයට කලකට පෙර ගෙනැවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

