දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථාවල අනියම් සේවකයන් දස දහසක් ස්ථිර කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ගේට්ටු මුරකරුවන්ගේ දීමනාව රැපියල් හත්දහස මෙවර අයවැයෙන් පහළොස් දහසක් දක්වා වැඩි කළ බව කී අමාත්‍යවරයා එමඟින් දුම්රිය ගේට්ටුවල අනාරක්ෂිතභාවය සහමුලින්ම ඉවත් වේ යැයි විශ්වාස නොකරන බවද සඳහන් කළේය.
දුම්රිය ගේට්ටු සම්බන්ධයෙන් දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය.
මාර්ග සංවර්ධන අධිකාරියේ හත්සිය ගණනක් ස්ථිර කළ බවත් තව තුන්සිය ගණනක් ස්ථිර කිරීමට අැති බවත් බිමල් රත්නායක මහතා පැවසීය.
ස්ථිර කිරීමට ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට ලියා තිබිය යුතු බව කී අමාත්‍යවරයා සමත්වීම නොවන බවද ප්‍රකාශ කළේය.
විභාගයට වාඩිවුණාට පසුව තමයි සමහරු සුදුසුකම් ලබන්නේ යැයි රත්නායක මහතා පැවසීය.

