සීනිගම ප්රදේශයේ ෙසිදු කළ වැටලීමකදී රුපියල් කෝටි දහයක් පමණ වටිනා මත් කුඩු තොගයක් සමග කාන්තාවෙ සැකපිට ප්රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
මේ වැටලීමේදී සැකකාරිය සන්තකයේ තිබී මත් කුඩු කිලෝග්රෑම් හයක් පමණ අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
මේ ආකාරයට පසුගිය (8) දවල් රුපියල් කෝටි පහක් පමණ වටිනා මත් කුඩු තොගයක් සමග ධීවරයන් තිදෙනකු සීනිගමදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගත් බවත් ඔවුන් සන්තකයේ තිබූ මත් කුඩු කිලෝග්රෑම් තුනක් අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
මීටියාගොඩ පොලීසිය විසින් ඊයේ (9)අත් අඩංගුවට ගැනුනු මේ මත් කුඩු තොගය පසුගිය (8)පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් එක් අයකුගේ වන්නට ඇති බවට සැකකරන බවද පොලීසිය කියයි.

