අම්බලන්ගොඩ පරණ පාරේ වෙළඳ සංකීර්ණයක අද(9)ඇතිවූ හදිසි ගින්නකින් කඩකාමර හතරක් මුලුමනින්ම විනාශවී ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
අම්බලන්ගොඩ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණයක විදුලි උපාංග අලෙවිහලක ඇතුලු කඩ කාමර හතරක් මෙම ගින්නෙන් දැවී ගියේය.
අම්බලන්ගොඩ නගර සභාව සහ ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කළේය.

