අපේ දරුපරපුරට අශීලාචාර දේවල් උගන්වන්න එපා. බටහිර ලෝකයේ දිරච්ච අශීලාචාර ක්‍රියා අනුගමනය කරමින් අපේ රටේ දිගු කළක් තිස්සේ පැවති ශීලාචාරත්වය විනාශ කර දැමීමේ ක්‍රියාමාර්ගය වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා යැයි මැල්කම් කානිදල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කීනදෙණියේ දී ඊයේ පැවසූහ.
පන්සලක් ආරම්භ කරපුවාම හිරගෙයක් වහන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ ආගමික සිද්ධස්ථාන වලින් කෙරෙන්නට ඕනේ කෙරෙන්නේ මනුෂ්‍යයාගේ සිත ජීවිතයේ දේවල්වල වටිනාකම ඔවුන්ට පහදලා දීලා වටිනාම දේවල් වෙත යොමු කිරීමයි.
ඒ විදිහට තමන්ගේ ජීවිතයේ ලස්සනට ජීවත් වෙන්න කියලා අන් අයට සතුටක් ගෙන දෙන විදිහට ආදරණීය ලෙස සැම දෙනාගේම සිත දිනාගෙන සැමදෙනාටම සේවය කරමින් ජීවත්වන්න කියලායි.
මනුෂ්‍ය ස්වභාවය ආත්මාර්ථකාමී ස්වභාවයක් ලෙස අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අපි හැමදාම ජීවිතය ගෙනියනකොට අපේ ආත්මාර්ථකාමිත්වයත් සමග අපි අරගලයක යෙදෙනවා. හරි දේ කරන්නට අපි කැමතියි. නමුත් බොහෝ විට අපි ඇදිලා යන්නේ වැරදි දේ වෙතමයි. ඒක මනුෂ්‍ය ස්වභාවයයි. බුදුහාමුදුරුවෝ මේකට කියලා තියෙන්නේ තණ්හාව කියලා. ඒ ඉගැන්වීමට අනුව දුකට හේතුව තණ්හාව තමන්ට ලබාගන්නට බැරි දේවල්වලට පවා ආසා කරමින් ඒවා පසුපස යෑම තුළ දුකක් අත්දකිනවා.
ජේසුස් වහන්සේ මේ කාරණාව හැඳින්වූයේ පාපයක් ලෙසයි. අනුන්ගේ දේ උදුරා ගැනීමට තියෙන ආශාව අපි හැමෝටම තියෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ එන්නට මාර්ගය තමයි අපේ ආගම් ශාස්තෘවරු අපිට කියලා දුන්නේ. යේසුස් වහන්සේ අපිට කියලා දුන්නේ ජීවිතය ජයගන්න මාර්ගය සේරම අතාරින්න පුරුදු වෙන්නයි.
නිදහස කියලා කියන්නේ තමන්ට කැමති විදියට කැමති දේවල් කරන්න පුළුවන් ශීලාචාරකමක් ශිෂ්ටාචාරකමක් නැහැ. ඕනේ හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා හිතන සමාජයක් ඇතිවේගන යනවා. ඒ වගේ සමාජයක අත්හැරීමක් ගැන හිතන්නටවත් බැහැ.
ශීලාචාරකම ඉගෙන ගත යුතු මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ අපේ කුඩා දරුවන්ට දැන් මේගොල්ලෝ ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා හයවෙනි වසරේ ඉඳලා අලුත් පාඨමාලාවක් හදාගෙන යනවාලු. ඒ වගකීම තියෙන්නේ මවුපියන්ට නේද. මේ දරුවන්ට ඒ වගේ දේවල් ගැන අවශ්‍ය වෙලාවට කියලා දෙන්නේ. දැන් අධ්‍යාපන ක්‍රමයෙන් මෙන්න මේ අධ්‍යාපනය කුඩා දරුවන්ට හයවෙනි වසරේ ඉදන් දෙන්න හදනවාලු. හයවෙනි වසර වෙනකොට ළමයකුට අවුරුදු එකොලහක් දොළහක් ඇති වැඩිම උනොත් මේ වයසේ දරුවන්ටත් මේවා කියලා දෙන්න යනවද.
මේවා අතර විශේෂයෙන්ම ඔය සමලිංගික සම්බන්ධතා ඇතිකර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නට යනවලු. උත්පත්ති පාලනය පිළිබඳව දැනුම් දීමක් කරන්න යනවාලු . මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ අපේ රට විනාශ කරන්නට අර අඳින ජාත්‍යන්තර සංවිධානයි.
අලුත්වැඩියා කරන ලද ශුද්ධ වු ස්තේපන්මුණි දේවස්ථානයේ දේව මෙහෙය ආරම්භ කිරීමට පෙර පවත්වනු ලබන ආසිරි ගැන්වීමේ උත්සවය අමතමින් අගරදගුරු තුමෝ ඒ බව පැවැසූහ.

