පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහය අවශ්‍ය වන්නේ නම් අදාල පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්යක්ෂ සමඟ සම්බන්ධවී අවශ්‍ය සහය ලබා ගැනීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ” රටම එකට ” ජාතික මෙහෙවර යටතේ මෙම මෙහෙයුම් සිදු කෙරෙයි.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සෘජු දායකත්වයක් දක්වන අතර පාසල් ළමුන් ඉලක්ක කරගෙන සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම මුලින් උපුටා දැමීම සඳහා සෑම අයුරින්ම පොලිසිය විසින් පාසල් කේන්ද්‍ර කරගනිමින් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇතැයි මාධ්‍ය කොට්ඨාසය කියයි.
අධ්යක්ෂ පොලිස් නිල සුනඛ කොට්ඨාසය-071-8591816, 081-2233429 දුරකතන අංක වලින් විමසා පාසල් වලට අදාල සහයන් ලබාගත හැකි බවද මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

