සොරකම් කරන ලද යතුරුපැදියකට ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කරමින් සිටි හිටපු කොස්තාපල් වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිඹිස්ස, සීගිරිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හිටපු කොස්තාපල්වරයෙකු සහ 35 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම හිටපු කොස්තාපල් වරයාට ඉකුත් පෙබරවාරි මස 17 වැනි දිනට සිත සේවය අතහැර යාමේ නිවේදන නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිසියම් අපරාධයක් කිරීම සඳහා මෙම යතුරු පැදියට ව්‍යාජ අංක තහඩු සවිකලේ ද යන්නපිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

