වගා ව්‍යාපෘති සහ සංචාරක ක්ෂ්ත්රයේ ආයෝජනය කිරීමෙන් ප්රතිලාභ අත්කර දෙන බවට පවසා ජනතා මුදල් වංචා කළෙ යැයි කියන කුණ්ඩසාලේ නගරය කේන්ද්‍ර කොට ගෙන රට පුරා ව්‍යාප්ත කළ තවත් මහා පරිමාණ පිරමීඩ සමාගමක් පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසියේ මුල්‍ය අපරාධ වාණිජ විමර්ශන කොට්ඨාසය අද දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍යය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක දංගල්ල නිලධාරියා විසින් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.
නෙට් ෆො ජාත්‍යන්තර පුද්ගලික සමාගම නමින් පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂකවරුන් හය දෙනෙක් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් ,ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

 
