බලංගොඩ පින්නවල පොලිස් බල ප්රදේශයට අයත් පල්ලෙවෙල වලව ගග අද්දර ප්රදේශයේ පතලකට යටවී ඊයේ (29) සවස තරුණයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ පල්ලෙවෙල ගඟ අද්දර ප්රදේශයේ පදිංචිව සිටි කේ.ජි.නදික සාරද ගුණතිලක නැමති 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පැවැසීය.
මැණික් පතලක මොහු තවත් පිරිසක් වැඩ කරමින් සිට තිබෙන අතර එම අවස්ථාවලදී පතලයට පස් කණ්ඩියක් කඩා වැටි තිබෙන අතර එහිදී මරණ කරු පස් කණ්ඩියට යට වි තිබෙි.
ප්රදේශයේ ජනතාව හා පින්නවල පොලිසිය විසින් දැඩි උත්සාහයක් ගෙන පැය දෙකක පමණ කාලයක් දැඩි පරිශ්රමක් දරා පසූව මොහු ගොඩට ගෙන බලංගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර රැගෙන එහිදී මියගොස් ඇත. එම පස් කන්දට යට වි තවත් අයෙකු සුළු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.

