ජාතික තරුණ සේවා සභාවේ වසරේ ගෙවී ගිය කාලයේ සිදු කළ ව්‍යාපෘතීන් හි ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයක් මහරගම ජාතික සේවා සභාවේදී ඊයේ (28) පැවැත්විණි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මේ වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පිළිබඳව හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. ෙ
ජාතික තරුණ සේවා සභාවේ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ගුණාත්මකභාවය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, ගුණාත්මකභාවයෙන් ඉහළ මට්ටමකින් ව්‍යාපෘති සිදු කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය හැකි බවත් තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මෙහි දී පැවසීය.
තරුණ කෘෂි සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී ලෝකයේ නව ප්රවණතා පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ෙමෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා කීවේ ජාතික තරුණ සේවා සිදුවන මගින් සිදු කරන වෘත්තීය පුහුණ පාඨමාලා සහතිකයකට පමණක් සීමා නොවී, බුද්ධිය ක්ෂේත්රයට පිවිසි පසු එයින් ඉහළ ප්රතිලාභ ලබා ගත හැකි පරිදි සකස් කළ යුතු බවයි.

