විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා පිහිටවනු ලැබූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සංයුතිය ලෙස පාර්ශව 23ක් පත්කර තිබේ.
මෙහෙයුම් සභාවේ සභාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ලේකම්වරයායි.
සෙසු පාර්ශව කරුවන් ලෙස ආගමික නායකයින් විසින් නම් කරනු ලැබූ නියෝජිතයෝ,මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්,අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්,අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්,පොලිස්පති,ත්‍රිවිධ හමුදාපතිවරු,ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්,පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්,රජයේ ප්‍රධාන රස පරීක්ෂක, රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීහු,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති,සිවිල් සංවිධාන නියෝජනය කරමින් නියෝජිතවරු,විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතවරු කටයුතු කරති.
මෙම ජාතික මෙහෙයුම් සභාවේ කාර්යභාරය ලෙස විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා නායකත්වය සහ මඟ පෙන්වීම, ජාතික මෙහෙයුම සැලසුම් කිරීම වැඩසටහන සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහය ස්ථාපිත කිරීම, නීතිමය සහ මූල්‍යමය ශක්තිමත් කිරීම යන කරුණු දක්වා තිබේ.

