“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් වට්ස්ඇප් සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මෙම වට්ස්ඇප් සමූහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන යන එකක් නොවන බවත් එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බවත් අමාත්‍යාංශය දන්වයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත් ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටී.

