වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර මහතා ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැලිගම පොලීසිය විසින් ගාල්ලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඒ අනුව ලසන්ත වික්රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ කැකිරාව ප්රදේශයේදී තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් අතර කාන්තාවක්ද සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වැඩිදුර විමර්ශන ක්රියාත්මකය.

