ආරච්චිකට්ටුව රතඹලා ඔය පිටාර ගැලිමේන් මහමාඑළියේ කුඹුරු අක්කර 300 ක් දින පහකට වැඩි කාලයක් ජලයෙන් යටවීම නිසා එහි ගොයම විනාශ විමේ අවදානමක් ඇතැයි ගොවිහු පවසති.
මෙම ගොයම තවත් දින කිපයක් ජලයෙන් යට වි තිබුණ හොත් ගොයම සම්පුර්ණයෙන් කුණුවි විනාශ වී යාම වැලැක්විය නොහැකි බව ගොවීහු පෙන්වා දෙති.
රතඹලාඔය පිටාර ගැලිම වැලැක්විමට නිසි ප්රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා සිටියත් එය නියමිත කාලසිමාවන් වලදි නොකිරීම නිසා මෙලෙස පිටාර ගැලිම සිදුවන බව ගොවීහු පවසති.

