පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් පසු පස වෙඩි තබමින් ගිය පොලිසිය කාණුවක වැටී සිටි එම රියැදුරා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමතින් සිටින බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.
බස්නාහිර පළාත දකුණ රථවාහන කොට්ඨාසය පිලියන්දල සූවාරපොළදී මාර්ග බාධකයක් දමා සිදු කළ සෝදිසියකදී සැක කටයුතු ලෙස පැමිණි වෑන්රථයක් නවතන ලෙස අණ කළත් අණ නොතකා මාර්ගයේ යතුරු පැදි කීපයක්ද අනතුරකට ලක් කර පලාගොස් ඇත .
වහාම එම ඒකකයේ යතුරු පැදි නිලධාරීන් වෑන්රථය පසු පස හඹාගොස් රත්මලාන බෙලෙක්කඩේ හන්දියේදී වෑන් රථයේ ටයරයකට වෙඩි තබා නවතා ගැනීමට උත්සාහ කළත් එයද අසාර්ථක වි ඇත.
රත්මලාන දුම්රියපොළ ආසන්නයේ දී වෑන්රිය රථය අතහැර පලා යාමට උත්සහා කරද්දි රියදුරු කාණුවක වැටී බරපතල තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගෙන දකුණු කොළඹ ශීක්ෂණ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
සිදුකළ විමර්ෂණයට අනුව රියදුරු ගල්කිරියාගම පදිංචිව සිටින සංචාරක ව්‍යාපාරය කරන රියදුරකු බවත් ,එම වෙලාවේ අධීක ලෙස මත්පැන් පානය කර පැමිණ ඇති බවත් හෙලිවී ඇත.

