මාතලේ සිට ගම්පොල දක්වා ත්‍රීරෝද රථයකින් මෝදක ගුලි 2375 ක් ප්‍රවාහනය කළ සැකකරුවෝ දෙදෙනෙක් අලවතුගොඩ පොලීසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබහ.
අලවතුගොඩ මාතලේ මාර්ගයේ සයිස්ටන් හන්දියේ විශේෂ මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී මෙම මෝදක තොගය සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ.
මෙම ් මෝදක ග්‍රෑම් 14 බැගින් වූ ගුලි 25 බැගින් අසුරා තිබූ පෙට්ටි 95 ක් පොලිසිය සිය භාරයට ගෙන තිබේ.මෙම මෝදක නිෂ්පාදනයට සහ ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය වුවත් ඒ කිසිවක් නොමැතිව මෙම සැකකරුවන් මෙම මෝදක ගුලි ප්‍රවාහනය කර ඇති බව පවසන පොලීසිය මෙම ගුලිවල යම් මත්ද්‍රව්‍යයක් මිශ්‍රව ඇති බවත් විශ්වාස කරයි.

