අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගය නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම විභාගය නොවැම්බර් මස 10 වැනි දින සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362 ක දී පැවැත්වෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2025 දෙසැම්බර් මස 6 වැනි සෙනසුරාදා පැවැත්වෙන බවද එම දෙපාර්තමේන්තුව කියයි.
එම විභාගය දිවයිනපුරා මධ්‍යස්ථාන 1665 කදී පැවැත්වේ.

