අරගලය පැවති 2022 වසරේ මැයි නව වැනිදා නිට්ටඹුව නගරයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව 2026 ජනවාරි 14 ප්‍රකාශයට පත් කිරීමට ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළහ.
සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද මෙම නඩුව විභාගයට ගැනුණු අතර එහිදී විත්තියේ දේශන අවසන් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ.
ධනුෂ්ක ලක්ෂාන්ත, ඔෂාන් සර්වනාත් දිල්ෂාන්, ගයාත්‍ර දිල්ෂාන්, මොහොමඩ් දිල්ෂාන්, සාගර ප්‍රනාන්දු, සුපුන් තරිඳු සුනිල් රත්න, ඉන්දික කුමාර විජේසිංහ, චමින්ද විරාජ් කුමාර, දිලින ඩිල්ෂාන් පෙරේරා, ලහිරු සම්පත් ධර්මබන්දු, චමින්ද රෝෂාන්, දිමුත් රංගන, ඇන්ටන් ගේබ්‍රියල් කුමාරදාස, රාමයියා සත්‍ය කුමාර්, හංසන ප්‍රගීත් වනිගසූරිය, බුද්ධික සංජීව විජේසිංහ, කසුන් සමන් කුමාර, මනෝජ් ප්‍රසන්න එගොඩගේ, චාරුක දේශාන්, නඳුන් සඳකැල් විජේබණ්ඩාර,සනත් වීර ප්‍රසන්න, මොහොමදු අසාර් අලි, සමිත අනුරංග සුරසිංහ, උපුල් දුමින්ද, මහින්ද කුමාර්, යොහාන් මධුභාෂිත ජයවීර, රංගන රුවන් නන්දසේන, රුක්මන් ශ්‍රී නලින් ජය කුමාර්, ශ්‍රීනාත් නෙරංජන් සිරිතුංග, උජිත් චාමර ප්‍රසන්න හෙවත් බින්ගා, නිපුන් බුද්ධික දිල්ෂාන්, සුවිනීත් ප්‍රියංකර කුමාරසිංහ, ක්‍රිෂාන්ත ප්‍රියලාල්, අමිල නුවන් පෙරේරා, දිලූක ප්‍රභාත් ජයතිලක, සුසන්ත බණ්ඩාරනායක, නිරාජ් මදුරංගෙ කස්තුරි, යසිරු ශාමික, ලසන්ත සමීර ගුණසිංහ, ඉරේක අශාන් පීරිස්, සහ රවිඳු නයනප්රිය ගුණවර්ධන යන විත්තිකරුවන්ය.
මොවුන් අතුරින් ඇන්ටන් ගේබ්බ්රියල් කුමාරදාස සහ නිපුන බුද්ධික දිල්ෂාන් නඩු විභාගය අතර තුර මියගොස් ඇත.
ලසන්ත සමීර ගුණසිංහ සහ ඉරේක අශාන් අධිකරණය මඟ හැර සිටිති.
ඒ අනුව විත්තිකරුවන් තිස් හත් දෙනකුට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

