ශ්රී ලංකාවට එන සියලුම විදේශිකයින් මෙරටට පැමිණීමට පෙර විද්යුත් සංචාරක අවසර පත්රයක් (ETA) ගැනීම අනිවාර්ය කරනු ලැබ ඇත.
මෙම අවසර පත්රය හෙට (15) දිනයේ සිට ලබාගැනීම අනිවාර්ය කර ඇති බව ආරංචි මාර්ග කියයි. ඒ අනුව ශ්රී ලංකාවට පැමිණීමේදී නොමිලේ සංචාරක වීසා බලපත්රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින් මෙම අවසර පත්රය ලබා ගත යුතු වනු ඇත.