සංවිධානාත්මක අපරාධකල්ලිි නායක ගනේ මුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙරටින් පලා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බුද්ධි අංශ තොරතුරු පවසයි.
මෙම සැකකාරිය සමග තවත් පස් දෙනෙකු නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදේ කුමාර වුට්ලර් මහතාගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ එම තොරතුරු සනාථ කර ගැනීම සඳහා නේපාල පොලිසිය සමඟ සම්බන්ධ වෙමින් පවතින බවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමර රත්න නොහොත් ගනේ මුල්ල සංජීව නමැත්තා කොළඹ අධිකරණ සංකීර්ණයක් තුළදී නීතිඥ වෙස්ගත් වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්විය.
එහිදී සිදු කළ විමර්ශනවලට අනුව මෙම ඉෂාරා සෙව්වන් දී නැමැත්තිය විසින් එම වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවිය ඉතා සූක්ෂම ලෙස නඩු පොතක සඟවා වෙඩික්කරුට ලබා දී තිබුණි.
එම ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරු සහ සැකකාර ඉෂාරා සෙව්වන් දී නැමත්තිය පලායමින් සිටියදී පුත්තලම, පාලවීය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වෙඩික්කරු අත්අඩංගුවට ගනු ලැබීය.