තම නිවසේ වැසිකිළි වලට කාබයිට් නමැති රසායනික ද්‍රව්‍ය යොදමින් සිටියදි වැසිකිළිවල පුපුරා යමෙන් එම පුද්ගලයා තුවාල ලබා මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක සේවය කරනු ලන පිලාන වංචාවල ඩබ්ලිව්.ජී.මනෝජ් නිශාන්ත නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු වැසිකිළි වලේ අපද්‍රව්‍ය දිරා යාමත් දුර්ගන්ධය නැති කිරිමත් සදහා වැසිකිලි වලට කාබයිට් රසායනික ද්‍රව්‍ය දමමින් සිටියදි එක් වරම වැසිකිළිවල පුපුරා යාමෙන් ඔහු තුවාල ලබා ඇත.
පසුව අසල්වාසින් විසින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලු කරණ අවස්ථාවේම මියගොස් ඇත.