ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිද්ධියට සම්බන්ධවූ නීතිඥවරයාගේ හැසිරීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ල පළ කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ඔහුගේ අශෝභන හැසිරීම අධිකරණයට කළ අපහාසයක් හැටියට සලකන බව පැවසූ අමාත්‍යවරයා රාජකාරියට බාධා කර අධිකරණයට අගෞරවයක් ඇති කරමින් හැසිරුණු එම නීතිඥවරයා සම්බන්ධයෙන්ද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.
නීතියට උඩින් කිසිවකු හෝ නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
ගල්කිස්ස අධිකරණයේදී නීතිඥවරයකු සමග ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පොලිස් නිලධාරියාට අගතියක් වෙනවා නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පොලිසිය බාර අමාත්‍යවරයා විදියටත් පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් කරන බවද ඔහු සඳහන් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් කරන බවයි.
මෙම අධිකරණ කටයුත්ත හෙට දින කැඳවෙන බවත් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා මැදිහත්වී රජයේ නීතිඥවරයෙකුද සම්බන්ධ කරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.