ලයිපොසොමාල් වර්ගයේ ඇම්පොටෙරිසින් බී වයල් මිලිග්‍රෑම් 50 වයල් 40,000 ක ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ක්‍රිප්ටොකොකල් මෙනින්ජයිටීස් සහ අන්තරංග ලිච්ඡෙනියාසිස් ඇතුළු ජීවිත අවදානමක් ඇති කරන දිලීර ආසාදන වලට ප්‍රතිකාර කිරීමේදී, විශේෂයෙන් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධති ඇති පුද්ගලයින් සඳහා භාවිත කරනු ලබන ඉහත සඳහන් එන්නත් වයල් 40,000 ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ.
ඒ සඳහා ලංසු 4ක් ලැබී ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු වන ඉන්දියාවේ Bharat Serums and Vaccines Limited. (Manufacturer: Bharat Serums and Vaccines Limited., India) වෙත මුළු පිරිවැය ඇමෙරිකා ඩොලර් 680,000.00 ක මුදලකට අදාල ප්‍රසම්පාදනය පිරිනැමීමට පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.