මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම (09) දා අද පැවති අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් එක්ව රජය ගෙන ගෙන ඒමට නියමිත සමරිසි නීතිය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නගර සභාව ඉදිරි පිට උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණයක නියැලිණි.
එහිදී සමරසි නීතිය අපිට එපා, සමරිසි නෙවෙයි එන්.පී.පී .රිසි , ගුරුවරයා දංගෙට ගෝලයා අපායට , සමලිංගික පාරාදීශයකට ආරාධනා කිරීම ලැජ්ජයි, රට දිනවන එන්.පී.පී වැඩ පිළිවෙල සම ලිංගික පාරාදීසයක්ද යනුවන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ. පසුව ඔවුන් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණ පාඨ කියමින් මහා සභා රැස්වීම පැවති සභා රැස්වීමට සහභාගි වුණි.
මෙම අවස්ථාවට සර්ව ජන බල පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ , සමග ජනන බලවේගය, එක්සත් ජාතික පක්ෂය , ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු සහය දැක්වූහ.