ලෝක තැපැල් දිනය යෙදී තිබෙන ඊයේ (09) දිනයේ සියලු තැපැල් සේවකයකයන් කළු පටි පැළඳ රාජකාරියට වාර්තා කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසීය.
අතිකාල දීමනා වංචාකාරී ලෙස ලබා ගන්නා බවට තැපැල්පතිවරයා සිදු කළ ප්‍රකාශය හරහා තැපැල් සේවකයන්ගේ තනතුරේ ගරුත්වය කෙළසීමට කටයුතු කළ බවත්, ඒ අනුව කළු පටි පැළඳීමේ ක්‍රියාවලිය සිදු කරන බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම තැපැල්පතිවරයාගේ එම ප්‍රකාශයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසීය.
කෝටි ගණනක මුදලක් අතිකාල දීමනා ලෙස සේවකයන් ඇඟිලි සලකුණ තැබීමෙන් තොරව ලබාගෙන ඇති බවට තැපැල්පති රුවන් සත්කුමාර මහතා පසුගියදා චෝදනාවක් කළේය.
අනතුරුව එම ප්‍රකාශයට එරෙහිව තැපැල් වෘත්තීය සමිති දැඩි ලෙස අප්‍රසාදය පළ කළහ.