මත්කරල් රැගෙන පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල්වරයා සන්තකයේ තිබී මිලිගෑම් 150 ප්රමාණයේ මත් කරල් 5 ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකාර කොස්තාපල්වරයාට ඊයේ (6) සවස හයේ සිට පසු දින උදෑසන හය දක්වා පොලිස් ස්ථානයේ දුරකථන ක්රියාකරු ලෙස රාජකාරී යෙදෙන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිසිය කියයි.
සැකකරු එම රාජකාරියට වාර්තා නොකර අවසර නොලබා ස්ථානයෙන් බැහැරව ගොස් සිට නැවතත් පොලිස් ස්ථාන වෙත පැමිණීමේ දී පොලිස් ස්ථානයේ ප්රධාන දොරටුව අබියස දී රාත්රී 11 ට පමණ පරික්ෂා කිරීමේදී සැකකරු සතුව මෙම මත්කරල් තිබී සොයාගෙන ඇත.