පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් රැසකට බරපතල තුවාල සිදු කිරීමේඅපරාධ රැසක පැදිකරු ලෙස කටයුතු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
එම සැකකරු සන්තකේ තිබී අයිස් මත්ද්‍රවය මිලිගෑම් 12200 ක් පොලිස් භාරයට ගෙන ඇත
.2025 .09.29 වෙනිදින තලවතු ගොඩ වැලි පාර හතරවෙනි පටුමගට හැරෙන හන්දිය අසලදී අත්අඩංගුවට ගත් සැකකරු. රැදයුම් නියෝග මත රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අලුත් කඩේ අධිකරණය තුළ විත්ති කූඩුව තුළ වෙඩි පහරකින් මිය ගිය සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ගනේ මුල සංජීව පාර්ශවයේ දැනට ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන. දිනේෂ් වසන්ත නොහොත් නේවි වසා සහ තම්මිට සුමිත් යන අයවලුන්ගේ ගෝලයකු බවට අනාවරණය වී යයි පොලිසිය කියයි
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී 2024 .12.08 වෙනිදින ගම්පහ පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය සිදුකිරීමේ අපරාධයේ පැදිකරු වශයෙන් කටයුතු කිරීම , 2024.12.13 වෙනිදින මෝදර පොලිස් වසමේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය සිදු කිරීමට තැත් කිරීමේ අපරාධයේ යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කිරීම , 2025.03.08 වෙනිදින ගම්පහ පොලිසිස්තැනට වාර්තා වූ පුද්ගලයකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මිනීමැරීමට තැත් කිරීමට අපරාදේ යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කිරීම , 2025.03.13 වෙනිදින වැලිවේරිය පොලිස් ස්ථානයට වාර්තා වූ පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කරමින් නිමැරීමට තැත් කිරීමට අපරාධයේ යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කිරීම හා, 2025 04.15 වෙනිදින ගම්පහ පොලිස් ස්ථානයට වාර්තා වූ පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ අපරාදයේ යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කිරීම ඇතුළු අපරාධ රැසක පැදිකරු ලෙස කටයුතු කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.