ධීවර යාත්රාවකට අකුණු සැර වැදීමෙන් එහි ගමන්ගත් ධීවරයෙකු මියගොස් අනෙක් තවත් ධීවරයකු තුවාල ලබා රෝහලේ ගතකර ඇති බව පොලිසිය සදහන් කරයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ මග්ගොන , දියලගොඩ ප්රදේශයේ පදිංචිව සිටී හෙට්ටිආරච්චි දිශාන්ත නමැති 41 හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය කීය.
ධීවරයින් දෙදෙනා අද උදෑසන එක්දින ධීවර යාත්රාවකින් මුහුදු ගොස් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි .
බෝට්ටුව මුහුදේ ගිලී ඇති අතර,මෘතදේහය ගොඩගෙන තුවාලකරු රෝහල් ගතකර තිබේ.