රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කන්තලේ ප්‍රදේශයේ පදිංචි , ඩුබායි හි වසර තුන හමාරක කාළයක් විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කළ 48 හැවිරිදි අයෙකි .
ඔහු අද අලුයම 05.20 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මළු තුළ රෙදි සේදුම් කුඩු , චොකලට් සහ සුවද විළවුන් අඩංගු පෙට්ටි තුළ මෙම විදේශීය නිෂ්පාදිත ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 9,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 45 ක් සගවා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන තිබුණි .