රුපියල් කෝටියකට අධික වටිනා හෂිෂ් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි.
එම පුද්ගලයා සන්තකයේ තිබී හෂිෂ් කිලෝ ගෑම් 1 ක් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 18000 ක් පොලිස් භාරයට ගෙන ඇත.
පුද්ගලයකු මත්ද්‍රව්‍ය රැගෙන හිරන ඒජන්ත වංගුව ප්‍රදේශයට පැමිණෙන බවට හිරන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර සිල්වා මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු මීට මාස දෙකකට පමණ ඉහතදී එම ප්‍රදේශයේ නිවසකට ගල්කිස්ස ප්‍රදේශයේ සිට කුලී පදනම මත පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.