ස්වර්ණාභරණ මිලදීගන්නා මුවාවෙන් මහනුවර නගරයේ ස්වර්ණාභරණ ආයතන වලට ඇතුළු වී ස්වර්ණාභරණ පරීක්ෂා කරන අතරතුර ඊට ව්‍යාජ ස්වර්ණාභරණ තබා නියම ස්වර්ණාභරණ සොරකමේ යෙදුණ බව කියන තරුණ විවාහක යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මහනුවර නගරයේ ස්වර්ණාභරණ අලෙවි සැලකින් මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට ලද දුරකථන ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වී ඇති එහි නිලධාරීන් අදාළ ස්වර්ණාභරණ ආයතනයට ගොස් සැක කටයුතු යුවළ පරීක්ෂා කිරීමේදී ඔවුන් විසින් සොරකම් කරන ලද ස්වර්ණාභරණ සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කළාතුඔය ඇතුල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එමයුවළ අවුරුදු 20-22 වයසේ පසුවන්නන් බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් ලද තොරතුරු වලට අනුව මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බැංකු වලට උගස්කොට තිබූ සොරකම් කරන ලද ස්වර්ණාභරණ තොගයක් සොයාගෙන ඇති අතර මෙම යුවළට හසු වූ වෙනත් ස්වර්ණාභරණ අලෙවි මධ්‍යස්ථාන ඇත්දැයි සොයා පොලිස් විමර්ශන සිදු කෙරෙමින් පවතී.