අම්බලන්ගොඩ විහාරස්ථානයක් සංවිධානය කර තිබූ පෙරහරක කාවාඩි නටමින් සිටි 20 හැවිරිදි තරුණයකු හදිසියේම අසනීපවී මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මරුමුවට පත්වී ඇත්තේ ඇත්කඳුර තණබද්දෙගම පදිංචි පී.එම්.මහීෂ පභාෂණ නමැති 20 හැවිරිදි තරුණයෙකි.
අම්බලන්ගොඩ මාදම්පේ නගරය හරහා වීථි සංචාරය කරමින් සිටියදී කාවාඩි සංදර්ශණයේ යෙදී සිටි මේ තරුණයා නැටීමට නොහැකිව රෝගාතුර වීමෙන් පසු බලපිටිය රෝහලට රැගෙන ගෙනගිය බවද පොලීසිය කියයි.
පෙරහරේ කාවාඩි නටමින් සිටියදී රෝගාතුරවූ මේ තරුණයා රෝහලට ඇතුලත් කරනවිටත් මිය ගොස් ඇති බවද පොලීසිය කියයි.
ඔහුට වෙනත් කිසිදු බෝනොවන රෝගයක් නොතිබූ බවත් මෙසේ මේ තරුණයා මිය යාම අදහා ගැනීමටවත් බැරි කියාවක් බව පවුලේ ඥාතීහු කියති.
අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.