ඇල්පිටිය , ගනේගොඩ ඉහල ඕමත්ත නිවසකට නාදුනන තුවක්කුකරුවන් වෙඩි තබා පලා ගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් එම නිවසේ ඉදිරිපස ජනේලයකට හානි සිදුව ඇති බවත් කිසිවකුටත් හානියක් සිදුව නැති බවත් පොලීසිය කියයි.
ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යනු ලබන හිටපු යුද හමුදා සෙබළකු ඉල්ලක්ක කර ගනිමින් මේ වෙඩි තැබීම සිදු කර ඇති බවද පොලීසිය කියයි.
මේ හිටපු හමුදා සෙබලා ගමේ නමක් ගත් චරිතයක් බවත් ඔහුට පාතාලයෙන් තර්ජන තිබී ඇති බවත් ඔහුව බිය ගැන්වීමට මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
නිවෙස් හිමි හිටපු යුද හමුදා සෙබලා නිවසේ සිටියදී මේ වෙඩි තැබීම සිදුව ඇති බවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලීසිය කරයි.
මේ නිවසට වෙඩි තැබීමේ නියම හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවද පොලීසිය කියයි.