මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙහි ගම්පහ දිස්ත්රික් කාර්යාලය සහ පොලිසිය එක්ව අද දිස්ත්රික්කය තුළ රථවාහන දෝෂ පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කළ අතර අඩුපාඩු සහිත වාහන 33 කට තහනම් නියෝග නිකුත් කළේය.
බැලුම්මහර, වත්තල, මාබෝල සහ මිනුවන්ගොඩ යන ප්රදේශවලදී මෙම විශේෂ මෙහෙයුම ක්රියාත්මක කෙරුණු අතර අහඹු ලෙස පරීක්ෂාවට ලක් කළ සිසු ප්රවාහන වාහන , මගී ප්රවාහන බස් රථ ඇතුලු බර වාහන 231ක් අතුරින් මෙලෙස 33 ක් මාර්ගයේ ධාවනය කිරීම තහනම් කිරීමටත් , වාහන 145 ක පැවති අඩුපාඩු සකස්කර දින 10 ක් තුල මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්රික් කාර්යාලයෙහි මෝටර් රථ පරීක්ෂකවරුන් වෙත පරීක්ෂාවට ඉදිරිපත් කිරීමටත් නියම කොට ඇත.