මෝදර අලුත් මාවත ප්රදේශයේ නගර සභා වැඩ බිමක් අසල පාසල් බෑගයක තිබී අත්අඩංගුවට ගත් අත්බෝම්බ 10 ය නිශ්ක්රීය කර රජයේ රස පරීක්ෂක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා මෝදර පොලිසියට ඊයේ (01) නියෝග කළේය.
ත්රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මෙම බෝම්බ තොගය අත් අඩංගුවට ගත් බවට බී වාර්තාවක් ගොනුකරමින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
පොලිසියේ වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා සීසීටිවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරන බවය.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්රාත්වරයා බෝම්බ නිස්ක්රීය කිරීමට අවසර ලබාදෙමින් රජයේ රසපරීක්ෂක වාර්තාවක් කැඳවීමටද නියෝග කළේය.
විමර්ශන ප්රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට නියෝග කළේය.