විදුලි බල මණ්ඩලය2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි පනස් නව දහසකට වැඩි පාඩුවක් ලබා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.