“අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලන සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්” බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා තමා බලන්නට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසයි.
“හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි. එහිදී අපි දෙදෙනා ඉතා සුහද පිළිසඳරක යෙදුණෙමු.
දේශපාලනමය වශයෙන් වෙනත් මතයන් දරද්දීත්, ජාතික වගකීම් ඉටුකරමින් අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලනය සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්ය. හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියවද ගෞරවයෙන් සිහිපත් කරමි” යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා කියයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.