ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, Evan Papageorgiou මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (29)හමුවිය.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය එහිදී ඔහුගේ ඇගයීමට ලක් වූ අතර, විශේෂයෙන්ම පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශංසා පළ කළේය.
බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වල වැදගත්කම, බදු නිදහස් කිරීම් (tax exemptions) සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු සිය අවධානය යොමු කළේය.
එසේම, 2026 ජාතික අයවැයෙන් සමාජ ආරක්ෂණ පද්ධතිය සඳහා සම්පත් වෙන් කිරීම ද පැපජෝර්ජියු මහතාගේ ඇගයුමට ලක් විය.
2026 අයවැයෙන් ජනතාව සවිබල ගැන්වීමට පියවර ගැනීමේ වැදගත්කම මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.