නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුවට අධිකරණයේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කර තිබියදීත් උසාවියේ පෙනී නොසිටි නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්ෂවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය ඒ සඳහා වරෙන්තු නිකුත් කළාය.
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්ෂවරුන් වු පමණීන් ඔවුන් නීතීයට උඩින් නොමැති බවත් නීතීය ඉදිරියේ සියලු දෙනා එකහා සමාන බවත් කියමින් පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සහ සිද්ධියෙන් අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ මහතා කළ ඉල්ලීම් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස වරෙන්තු නිකුත් කළාය.
නිසි පරිදි සිතාසි බාරදී නොමැති බවට වාර්තා කර ඇති අදාළ පෞද්ගලික රෝහලේ අධක්ෂවරයකු වන විශාල් බාලි මහතාට නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් යළිත් වරක් නොතිසි නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ නියෝජිතවරයාට සහ එහි සේවිකාවක වන බී.ඩී. සඳතිසරු මහත්මීයට නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කළාය.
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය යළිත් වරක් සිතාසි නිකුත් කිරීම ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමේ අතුරු සහන වශයෙන් ඉල්ලා තිබු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කරන නඩුව අත්හිටුවන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ප්රතික්ෂෙප කිරීමෙන් අනතුරුව නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාව්යේ කැඳවු අවස්ථාවේදී එලෙස නියම කෙරිණී.