කුකුළන් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දඹුල්ල රිදිඇල්ල ප්රදේශයේදී වන අලියකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළීම නිසා කුකුලන් විශාල ප්රමාණයක පාරේ තැන්තැන්වල මියගොස් ඇතැයි වනජිවිය කියයි.
අනතුරින එහි රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
දඹුල්ල දෙස සිට බකමූණ දෙසට ලොරිය ධාවනය වෙද්දී වන අලියකු මාර්ගය හරහා මාරුවෙද්දී මෙම අනතුර සිදුවූ බව ලොරි රථයේ ගමන් කරමින් සිටි සේවකයෙක් සඳහන් කළේය
වන අලියාගේ ගැටීමත් සමඟම රථය පෙරළී මාර්ගයෙන් ඉවතට ඇදී ගිය බවත් ඔහු සඳහන් කළේය. අනතුරත් සමග කුකුලන් විශාල ප්රමායක් මියගොස් සිටින අයුරු දැක ගැනීමට හැකි විය . තවත් පණපිටින් සිටි කුකුළන් පාර පුරා වැටී තිබෙන අයුරුද දැකගැනීමට හැකි විය