එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු වෙරළේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි ලබාදීමට අධිකරණය කළ හැකි උපරිම දේ සිදු කළ බවත් වන්දි අයකර ගැනීමට පියවර ගැනීම විධායකයේ කටයුත්තක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා විවෘත අධිකරණයේදී ඊයේ 25 පැවසීය.
නෞකාවේ අයත් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සිරගත කිරීමෙන් පමණක් මෙම ගැටළුව නොවිසිඳෙන බවද විනිසුරු අචල වෙන්ගප්පලි මතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා මෙසේ පැවසුවේ එක්ස්ප්‍රර්ස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියම කළ වන්දි මුදල ගෙවීමට හැකියාවක් නොමැති බවට සී කොස්ටෝඩින් සමාගම ගොනුකළ තිබූ මෝෂමක් සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම මෝසෙම සලකා බැලීමෙන් අනතුරුව අදාල අධිකරණ නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර සමාගමට එරෙහිව පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෝෂම සලකා බැලිණි.
ලබන වසරේ ජනවාරි 26 මෙම මෝස කැඳවන ලෙස ද නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කළ වන්දි මුදලින් රුපියල් මිලියන තුන්සියයක් පමණක් තමන්ට ගෙවිය හැකි බවත් ඉතිරි මුදල ගෙවීමක් හැකියාවන් නොමැති බවද සඳහන් කරමින් කොස්ටෝඩියම් සමාගම විසින් මෙම මෝෂම ගොනු කර ඇත.
මෝෂමට අනුව පෙත්සම අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිට නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් ද්රබරේ මහතා කියා සිටියේ අධිකරණ නියෝගයට අවනත නොවීමේ හේතුවෙන් වගඋත්තරකාකාර සමාගම අධිකරණයට අපහාසයක් කර ඇති බවද කිසිදු පැමිණිල්ලකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳ පියවර ගැනීමට බලය ඇති බවද අධිකරණ අපහාස පනත යටතේ මේ සම්බන්ධ විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද ඉල්ලා සිටියේය.
ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය කියා සිටියේ ඔවුන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් පනතේ විධිවිධාන අනුව කටයුතු කරන ලෙයසි. පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නිල් සාන්ත සිරිමාන්න සහ සෙනානි දයාරත්න යන නීතිඥ මහත්වරු ද ඊට එකඟත්වය පළකළහ.
ඉන් අනතුරුව අධිකරණය ඇමතු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ අධිකරණය නියෝගය අනුව දැනට විමර්ශන කටයුතු සිදුකරන බවත් අදාළ කමිටු පිහිටුවා ඇති බවත්ය.
වගඋත්තරකාර සමාගම අධිකරණ නියෝගයට අවනත නොවීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් අධිකරණ අපහාස පනතේ යටතේ සුදුසු පියවර ගන්නා ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
වගුත්තරකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනග් ්ඊශ්වරන් මහතා කියා සිටියේ තම සමාගම අධිකරණ නියෝගයට අවනත වූ බවත් ඒ අනුව රුපියල් මිලියන 300ක වන්දි මුදලක් ගෙවූ බවත් ඊට වැඩි වන්දි මුදලක් ගෙවීමට තමන්ට සමාගමට මූල්‍ය හැකියාවක් නොමැති බවත් කිය.
තම සමාගම අධිකරණය අපහාසයක් කර නොමැති බවද තම සමාගමට හැකියාව අනුව අදාළ වන්දි මුදල ගෙවු බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා කියා සිටියේ අධිකරණයට කළ හැකි උපරිම දේවල් සිදුකර ඇති බවත් වන්දි අය කර ගැනීමේ සුදුසු පියවර ගත යුත්තේ විධායකය බවත්ය.
අදාල නෞකාවේ අධ්‍යක්ෂක මණ්ඩලය සිරගත කිරීමෙන් පමණක් මේ විසඳිය නොහැකි බවද විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.