ඇඹිලිපිටිය – පනාමුර – බුළුතොට ( බී115) මාර්ගය වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාල්ල – දෙනියාය – මාදම්පේ මාර්ගයේ රක්වාන – සූරියකන්ද මාර්ග කොටස වැඩි දියුණු කිරීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදලින් ඇමෙරිකා ඩොලර් මිලියන 40 ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන තිබේ.
එම ණය මුදලේ රුපියල් මිලියන 1,000ක පමණ ඉතිරියක් පවතින අතර, එම මුදල සහ රජයේ අරමුදල් භාවිත කර දැනට අබලන්ව පවතින ඇඹිලිපිටිය – පනාමුර – බුළුතොට මාර්ගයේ (බී115 ) කොළොන්න සිට සූරියකන්ද දක්වා වන කිලෝමීටර 9.62 ක් පමණ වන මාර්ග කොටස වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් කර ඇත.
එම මාර්ග කොටස හරහා සිංහරාජ වනාන්තරය, මඩුවන්වෙල වලව්ව, වවුල්පනේ, ගොන්ගල, හඳපානාගල, බුළුතොට දිය ඇලි සහ හිමිදිරි පෙදෙස වැනි සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයකට ම ප්‍රවේශය සැපයෙන බැවින්, එමඟින් සංචාරක කර්මාන්තය ද දිරි ගැන්වෙනු ඇත.
ඒ අනුව, ඇඹිලිපිටිය – පනාමුර – බුළුතොට මාර්ග කොටස වැඩිදියුණු කිරීම පිණිස රක්වාන – සූරියකන්ද මාර්ග ව්‍යාපෘතියෙන් ඉතිරි ණය ප්‍රතිපාදන යොදා ගැනීමටත්, ඉතිරි මූල්‍ය අවශ්‍යතාව ශ්‍රී ලංකා රජයේ අරමුදල් හරහා සපුරා ගැනීමටත් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.