අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ලබාගෙන ඇති ක්‍රිප්ටෝ මුදල් 3000 සහ කතානායක වෛද්‍ය ජගක වික්‍රමරත්න මහතාගේ බයිනෑන්ස් ගිණුමේ ඇති යූඑස්ඩීටී 1850 ලබා ගත්තේ කෙසේදැයි මැතිසබයට හෙළි කරන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය
මේ අනුව ආචාර ධර්ම පද්ධතිය සහ වරප්‍රසාද පනත උල්ලංඝනය වන සේ මෙම අය ක්‍රියාකර අැත් නම් නම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳව වහාම සොයා බැලීමක් කර එ් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
නීතිඥ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.
ලංකාවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවියේ පළ කිරීමෙන් විශාල සමාජ මතයක් ගොඩනැගී ඇත. අප සමස්ත මහජන මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි. වත්මන් රජයට බලය ලබාදීමට මූලික හේතුවක් බවට පත් වූ දේශපාලකයින් රාජ්‍ය දේපළ අයුතු ලෙස භාවිතා කිරීම සහ අයුතු ධනවත්වීම යන කරුණු මත ගෙන ගිය මහජන ව්‍යාපාරයේ අපේක්ෂාවන් අදවන විට දැඩි සේ කඩා බිඳ දමා ඇත.
එබැවින් ආණ්ඩුවේ කිසිවෙකුට ජනතාවගේ එකී බලාපොරොත්තුව කුමන හෝ ආකාරයකින් කඩ කිරීමට කිසිදු අයිතිවාසිකමක් නැත. තමන්ට ලැබෙන වැටුප් නොගෙන ස්වෙච්ඡාවෙන් ජනතාවට සේවය කරන බවටත් ජනතාවගේ බදු මුදල් වංචා නොකරන බවටත්, අයුතු ලෙස ධනය ඒකරායි නොකරන බවටත් වත්මන් රජයේ සෑම මන්ත්‍රී වරයෙකුම සෑම විටම ප්‍රකාශ කළ ආකාරයට එ් අවංකභාවය ඔප්පු කිරීමේ වාරය ඔවුන්ට පැමිණ ඇති බවද සඳහන් කරමි.