දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලන නිලධාරී භාෂක සඳරුවන් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට ගිනි අවිය සැපයු පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි
එම ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමගම සෞඛ්‍ය පරිපාලකවරයා එම ස්ථානයෙන් පලා ගොස් දිවි බේරා ගෙන තිබිණි
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල මල් වත්ත පාර ප්‍රදේශයේදීය
2025 ජූලි මස 24 වෙනිදින සෞඛ්‍ය පරිපාලකවරයා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් කාර්යාලය තුළ සිටියදී යතුරු පැදියකින් ආහාර බෙදා හැරීමේ යන මුවාවෙන් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තිබිණි
එම අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමඟම සෞඛ්‍ය පරිපාලන නිලධාරි වරයා එම ස්ථානයෙන් පලා ගොස් දිවි බේරාගෙන තිබිණි
වෙඩි ප්‍රහාරයට ලක්වීමට ගිය සෞඛ්‍ය පරිපාලන නිලධාරීවරයා ප්‍රධාන පෙළේ මධ්‍ය ජාවාරම්කරුවෙකු වන අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් චුව සමන්ත නැමැත්තාගේසහෝදරියගේ පුතා බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි
වෙඩි තැබීම බඩෝවිට අසංක පාර්ශවය විසින් සිදුකළ එකක් බවට වැඩිදුරටත් අනාවරණය වී තිබිණි
33 හැවිරි දි සැකකරු රත්මලාන පදිංචිකරුවෙකි
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි