මේ වසර සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවය පහල ගොස් ඇතැයි රජය පවසයි.
ඉකුත් වසරේ සැප්තැම්බර් 21 වැනිදායින් ඇරැඹි අනුර දිසානායක පාලනය ආදායම් වියදම් අතර පරතරය අඩු කළ වසරක් වන අතර ඒ අනුව ලබන වසරේ පොලී වියදම අඩු වීමක් අගපේක්ෂා කරන බව රජය කියයි.
අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වී වසරක් ගත වන විට ලංකා ආර්ථිකයේ පැහැදිලි සුබවාදී දිශානතියක් පෙන්නුම් කරන බව රජය පවසයි.
පරිපූරක ඇස්තමේන්තු නොමැති සැලසුම් කළ ලෙසම වියදම් සීමාවන් පවත්වා ගෙන යාමට හැකියව ලැබී ඇති වසරක් බවද රජය සඳහන් කරයි. බැංකු පොලී අනුපාතය ස්ථාවර අනුපාතයක එනම් 8%ක ප්‍රමාණයක පවත්වා ගැනීමට සමත්ව ඇතැයි ද 2025 පළමු මාස 6 තුල රාජ්‍ය ආදයම රුපියල් බිලියන 2321 ක් බව රජය කියයි.
2024 වර්ෂයේ පළමු මාස 6 තුල ලබා ඇත්තේ රු. බි. 1,864 ක රාජ්‍ය ආදායමකි. 2024 පළමු මාස 6 තුළ ආදායම් බදු ලෙස ලැබී තිබුණේ රුපියල් බිලියන 1709 ක් වුවද මේ වසරේ එය රුපියල් බිලියන 2,152.09 ක් දක්වා වර්ධනය වී ඇතැයි රජය සඳහන් කරයි.