නේපාලයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එරට සංචාරක අංශයට බලපෑම් එල්ල කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාකරන්න, නේපාලයේ සංචාරක පැමිණීම 30% කින් පහත වැටී ඇති බවය.
නේපාල සංචාරක අධිකාරිය, හෝටල් හිමියන් සහ සංචාරක සංවිධායකයින් පැවසුවේ පසුගිය වසරේ මෙම කාලයට වඩා සංචාරක පැමිණීම් 30% කින් පහත වැටී ඇති බවත්, ඇතැම් සංචාරක වෙන්කර ගැනීම අවලංගු කර ඇති බවත්ය.
කත්මණ්ඩු නුවර කාර්යබහුල සංචාරක මධ්‍යස්ථාන, සාප්පු, සහ අවන්හල් පාළුවට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
නේපාල පැවැති විරෝධතා හේතුවෙන් ජීවිත 72ක් අහිමි වූ විය.
ඉන් 59ක් විරෝධතාකරුවන් වන අතර, රැඳවියන් 10ක් හා පොලිස් නිලධාරීන් 3ක් සිටින බව සඳහන් වේ.
නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස පසුගියදා විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවය.
සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව මෙලෙස වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන්ය.