හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong (චී චෙන් හොං)මහතා අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී සිදු කෙරිණි.
චීන තානාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුවිය.ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේදී අවධානය යොමු විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිවසින් පිටත්ව යාමට ප්‍රථම ද චීන තානාපතිවරයා සමග මේ ආකාරයේ සාකච්ඡාවක් පැවැත්වීය.