2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා ය.
නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා අය වැය විවාදය පැවැත්වීමට ද තීරණයට එළඹ ඇත.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11)පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීමේ බව තීරණය වී තිබේ.
මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහලේකම්වරිය පැවසුවා ය.